Saturday, December 3, 2016

නෙක්ටො අයිස් ක්‍රීම්





අවශය ද්‍රවය:-
 

ටින් කිරි ටින් 1යි.
නෙක්ටො බෝතල් 1යි.
ජෙලටින් තේ හැදි 2යි.
බිත්තර 4යි.
සීනි ග්‍රෑම් 300යි.
වැනිලා ස්වල්පයක්.

ක්‍රමය:-

           ටින් කිරි එක කඩා භාජනයකට දමා වතුර ටින් එකක් ද එක්කර ලිපතබා උණු කරන්න. ඉන් පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු  හැදි ගාන්න. ජෙලටින් වලට උණු වතුර එක්කර කලවම් කරන්න. කිරි ටික නිවුණුඅ පසු එයට ජෙලටින්, සීනි, නෙක්ටෝ, වැනිලා, බිත්තර කහ මද එක්කර පැයක් පමණ බීට් කරන්න. ඝන වී උඩට කන්දක් මෙන් එන විට බිත්තර සුදු මදද එක්කර නැවත බීට් කර ශීතතකරනයේ තබන්න.

යෝගට්

යෝගට්





අවශය ද්‍රවය:-
 

කල් කිරි බෝතල් 2
සීනි කෝප්ප 1
ජෙලටින් තේ හැදි 1
යෝගට් කොප්ප 1

ක්‍රමය:-

    පළමුව කිරි හා සීනි බදුනකට දමා උණු කරන්න. ජෙලටින් උණු වතුරින් දිය කර එයට එක් කරන්න. හොදින් උණු කරගෙන පදමට පැමිණි පසු යෝගට් කෝප්ප වලට දමා මිශ්‍රනය ස්වල්පය බැගින් එක්කර ශීතකරනයක තබන්න.

පුහුල් දෝසි

පුහුල් දෝසි


අවශය ද්‍රවය:-
 

සිහින්ව ගාගත් අළු පුහුල් මද ග්‍රෑම් 500
සීනි කිලෝ 1 1/2
වැනිලා ස්වල්පයක්
එනසාල් ඇට කිහිපයක්

  ක්‍රමය:-

    සීනි කිලෝ 1ක් වතුර ටිකක් දමා ලිප තබා උණු කරන්න. අළු පුහුල් හිරමනයෙන් ගාගෙන සෝදා තුනී රෙදි කැබැල්ලක දමා පැය 4ක් පමණ දිය බේරීම සදහා එල්ලා තැබිය යුතුයි. දැන් සීනි උණුවන විට අළු පුහුල් මදද දමා කලවම් කර එන්සාල් කුඩු ද දමා හැදි ගාන්න.

    බටර් ගාන ලද ලෑල්ල මතට සීනි ටිකක් ඉස මෙම මිශ්‍රණය තුනී කරන්න. මතු පිටින්ද සීනි ඉසින්න. නිවුනු පසුව කෑලිවලට කපා ගන්න

මස්කට්

මස්කට්

අවශය ද්‍රවය:-


හාල් පිටි ග්‍රෑම් 750
කජු මද ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 500
කරදමුන්ගු 8
කරාබු නැටි 8
වතුර බෝතල් 5
තෙල් බෝතල් 1 1/4
වැනිලා තේ හැදි 5

ක්‍රමය:-

    පිටි සකස් කරගෙන වතුර ටිකක් මිශ්‍ර කර අනාගන්න. මෙම පිටි ගුලිය වතුරින් වරින් වර සෝදන්න. මෙම පිටි වතුර එක්කර එයට සීනි දමා ලිප තබන්න. පොල් තෙල් ටික ටික එයට දමන්න.

     මෙය විනඩි 25ක්පමණ උයාගන්න. මෙය ඝන වු පසු ලිපෙන් බාගෙන කජු මද හා වැනිලා දමා අවශය නම් පමනක් එකතු කර නිවෙන්නට තබන්න. ඉන් පසු කෑලි කපා ගන්න.

කළු දොදොල්

කළු දොදොල්

 අවශ්‍ය ද්‍රව්‍ය:-
 
 

පොල් ගෙඩි 12
රතු කැකුළු හාල් කිලෝ 1
සීනි කිලෝ 2
හකුරු  ග්‍රෑම් 500
කජු මද ග්‍රෑම් 200 
එන්සාල් ඇට කීපයක්
වැනිලා තේ හැදි 4යි.
තෙලෙන් බදින ලද තල හුණ්ඩු 1/2 (අවශය නම්)

 ක්‍රමය:-
  
    පොල් ගා මිරිකා කිරි වෙන වෙනම සකස් කරගෙන දෙවෙනි කිරි සමග හාල් පිටි දියකර දොදොල් තාච්චියක දමා ගින්දර මත තබා හැදි ගාමින් උයන්න.

   පැයක් පමණ හැදිගා අනිත් කිරිද වරින් වර වත් කරන්න. තෙල් වීසිවන තෙක් හැදි ගා තෙල් උඩට මතුවන විට හැන්දකින් ඉස ගන්න. ඉන් පසු සීනි හා හකුරු අකතු කරන්න.

   දොදොල් ඝන වී ගෙන එන විට එන්සාල්, වැනිලා, කරදමුන්ගු, කජු මද දමා ලිපෙන් බා ගෙන ලොකු තැටිවල හෝ පුවක් කොල වල දමා තෙල් බේරෙන්නට තබන්න.

පැණිරස මුරුක්කු

පැණිරස මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය:- 

කැකුළු හාල් සේරු 1යි.
ලොකු පොල් ගෙඩි 1යි.
බිත්තර 3
පොල් තෙල් බෝතල් 1යි.
සීනි රාත්තල් 1 1/4
ලුණු ස්වල්පයක්

  ක්‍රමය:-

   හාල් පිටි කොටා ඉදි ආප්ප වලට මෙන් බැද හලාගන්න. පොල් කිරි මිරිකා රෙදි කඩකින් පෙරා ඊට ලුණු වතුර ටිකක් දමන්න. බිත්තර 3 කඩා කෝප්පයකට දමා පෙන නගිනතුරු තට්ටු කර පිටි ටික කොරහකට දමා එයට බිත්තර සාරු  වත්කොට ලුණු මිශ්‍ර පොල් කිරි ටිකද දමා අනා හොදට අත් ගසා ගන්න.
    
    ඉදි ආප්ප පිටි වලට වඩා ටිකක් තදට සිටින සේ ගන්න. ඉන් පසු මුරුක්කු අච්චු සහිත වන්ගෙඩියකට පිටි ගුලියක් දමා කෙසෙල් කොළ මතු පිට දිග අතට මුරුක්කු වත්කර අගල් 1 1/2ක් තරම් දිගට අමු මුරුක්කු කෑලි වෙන්කර ගන්න. ඉන් පසු තෙල් වලින් බැදගන්න.

    මුරුක්කු  බැද දින දෙකකට පමණ පසු සීනි දැමීම වඩාත් රසවත් ය. නැවත බැද අනතුරුව සීනි දමන්න.

    සීනි ටික තාච්චියකට දමා වතුර කෝප්පයක් එයට දමා නටවා ඇගිල්ලේ දැවටෙන පදමට පැමිණි පසු මුරුක්කු එයට දමා කලවම් කර කඩදාසියක් මතුපිටට දමා නිවුනු පසු සුළන් නොවදින සේ බෝතල් වල අසුරා ගන්න.

රුලන් අළුවා

රුලන් අළුවා


අවශය ද්‍රවය:-

රුල න් පිටි ග්‍රෑම් 500
සීනි කිලෝ 1
වියළි පොල් බෑයක පොල්
එනසාල් ටිකක්
රට ඉදි ග්‍රෑම් 200
වැනිලා ස්වල්පයක්

ක්‍රමය:-

     රුල න් පිටි රන්වන් පාට වනතුරු බැද ගන්න. ගාගත් පොල් ටිකද බැදගෙන රුලන්වලට කලවම් කරන්න. එන්සාල් කුඩු කර එයට දමන්න. රට ඉදි ඇට ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. දැන් සීනි ලිපතියා උණු වන විට මේ සියල්ල දමා කලවම් කරන්න. බටර් ගාගත් තැටියක තුනී කර තරමක් නිවුනු පසු කෑලි වලට කපා ගන්න