මස් මාළු නොකන නිර්මාංශී අයවත් අපිට අමතක කරන්න බැහැ. මේ නිර්මාංශී ඔබට පහසුවෙන් සකස ගන්න පුළුවන් රසවත් මෙක්සිකන් බත් එකක්. හතු බැදුමක්, එලවලු සලාදයක්, අන්නසි කරියක් වගේ දෙයක් එක්ක මේ බත අපූරුවට ගැලපෙනවා.
අවශ්‍ය දේවල්
- සෝදා දිය බේරාගත් හාල් කප් 4
- කපාගත් තක්කලි ගෙඩි 4
- කපාගත් රතු පාට බෙල් පෙපර් 2
- ග්‍රේට් කරගත් කැරට් ගෙඩි 4 (සාමන්‍ය ප්‍රමාණයේ )
- කපාගත් ලූනු ගෙඩි 2ක්
- වියලි මිරිස් කරල් 4
- තලාගත් සුදු ලූනු බික් 8
- තෙල් හෝ බටර්
- එලවලු තම්බා ගත් වතුර අවශ්‍ය පමණ
- ලුණු
- තෙල් හෝ බටර් රත් වෙන්න තබා එයට බෙල් පෙපර්,සුදු ලූනු,තක්කලි සහ වියලි මිරිස් එක් කර මිශ්‍ර කරගන්න.
- මෙම මිශ්‍රණය නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක දමා අඹරාගන්න.
- වෙනම බඳුනක බටර් ටිකක් රත් වෙන්න තබා එයට ලූනු එක් කර රන්වන් පැහැ වන තෙක් බැද එයට සහල් එක් කර තෙම්පරාදු කරගන්න.
- අඹරාගත් මිශ්‍රණය සහල් වලට එක් කර එයට කැරට් සහ එලවලු තම්බාගත් වතුර එක් කර අවශ්‍ය පමණට ලුණු එක් කර බත් පිසගන්න.
No comments:
Post a Comment